
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් නොච්චියාගම ප්‍රදේශයේ හෝටල් සහ නිවාසවලට වන සතුන්ගේ මස් සපයන නීතිවිරෝධී ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් ගිනිඅවි සමඟ දඩයම් කිරීම සඳහා පිටත්ව යන ආකාරය නිරීක්ෂණය කළ නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සුදුසු අවස්ථාවක් ලැබෙන තෙක් ඔවුන් ලුහුබැඳ ගොස් තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 45 සහ 28 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනකු වන අතර, ඔවුන් ඇටැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් කලක පටන් දේශීය හෝටල්වලට මස් සපයන බව නිලධාරීහු පවසති.
මෙහෙයුම අතරතුර නීතිවිරෝධී බෝර 12 ගිනිඅවියක් සොයාගෙන ඇති අතර, සැකකරුවන් සහ නඩු භාණ්ඩ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී ඔවුන්ට රුපියල් 20,000 බැගින් දඩ නියම කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart