
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් රටින් පිටවීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙක් ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් දෙකක් විසින් පසුගිය සති අන්තයේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ආගමන බලධාරීන් වෙත භාරදී ඇතැයි වාර්තා වේ.
සැකකටයුතු ලියකියවිලි රැගෙන කැනඩාවට සහ ඉතාලියට සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පිරිමි දෙදෙනෙක් මෙලෙස ගුවන් සමාගම් විසින් අත්අඩංගුවට ගෙන ඇති ඇත.
යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි
හරහා කැනඩාව බලා යෑමට උත්සාහ කර ඇති අතර, ඔහුගේ ලිපි ලේඛන පිළිබඳව ගුවන් භුමි කාර්ය මණ්ඩලයට සැක පහළ වී ඇති බව ආරංචි මාර්ග පවසයි.
මේ අතර, කටාර් එයාර්වේස් ගුවන් යානයකින් ඉතාලියට යෑමට තැත්කළ කොළොන්න ප්‍රදේශයේ 30 හැවිරිදි පුද්ගලයකුද ගුවන් කාර්ය මණ්ඩලය විසින් ගුවන් තොටුපළ ආගමන බලධාරීන් වෙත යොමුකර ඇත.
සැකකරු සිය නියම දේශීය විදේශ ගමන් බලපත්‍රය භාවිත කර ශ්‍රී ලංකාව හැර යෑමට උත්සාහ කර ඇති අතර, ඔහු සතුව තිබී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ද බලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මෙම මගීන් විශාල මුදලක් ගෙවා මෙම ව්‍යාජ ලියකියවිලි තැරැව්කරුවන් හරහා ලබාගෙන ඇති නමුත් ඒවා ගුවන් තොටුපොළේ අධිතාක්ෂණික දත්ත පද්ධති හරහා අනාවරණය කරගත හැකි බවට අවම දැනුමක් ඇති බව ආගමන විගමන අංශය සඳහන් කරයි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart