
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තුර්කියේ දකුණුදිග ප්‍රදේශයේ නගරයකදී රයිෆලයකින් සන්නද්ධ වූ පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් ප්‍රකාශ කළේය.
මර්සින් පළාතේ ටාසස් නගරයේ ස්ථාන කිහිපයකදී වෙඩි තබා පලාගිය සැකකරු සෙවීම සඳහා හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා යොදාගනිමින් පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.
මෑතකදී සිදු වූ වෙඩි තැබීම් මාලාවක් හේතුවෙන් තුර්කිය දැඩි කම්පනයට පත්ව ඇති අතර, මේ වන විට එරට තුළ තුවක්කු ප්‍රචණ්ඩත්වය සහ පාසල්වල ආරක්ෂාව පිළිබඳ දැඩි කනස්සල්ලක් මතු වී තිබේ.
පසුගිය මාසයේදී දකුණු කහ්රාමන්මාරස් පළාතේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගිය අතර, ඊට දිනකට පෙර අසල පළාතක සිදු වූ තවත් පාසල් වෙඩි තැබීමකින් 16 දෙනෙකු තුවාල ලැබූහ.
එරට Anadolu පුවත් ඒජන්සිය වාර්තා කළේ, මෙම නවතම ප්‍රහාරයේ 37 හැවිරිදි සැකකරු වන මෙටින් ඕ නමැත්තා, වීදියකදී සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
ඉන් අනතුරුව ඔහු තම මෝටර් රථයේ සිට ආපනශාලාවකට වෙඩි තබා ඇති අතර, එයින් එහි හිමිකරු සහ සේවකයෙකු මියගොස් තිබේ.
පසුව ඔහු ටාසස්හි වෙනත් ප්‍රදේශයකදී තරුණයෙකු, 50 හැවිරිදි පුද්ගලයෙකු සහ තවත් එක් අයෙකු ඝාතනය කර ඇති බවට සැක කරන බව එම පුවත් ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කළේය.
කැබිනට් මණ්ඩල රැස්වීමකින් අනතුරුව අදහස් දැක්වූ ජනාධිපති අර්ඩගොන්, මෙම මරණ සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කළ නමුත්, තුවක්කුකරු හෝ ඔහුගේ අරමුණ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය නොකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart