
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම පියාගේ නිදහස් කිරීමට මැදිහත් වී සහාය දෙන ලෙස සිරගත කර සිටින පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පුතුන් දෙදෙනා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සහ ලොව පුරා සිටින බලපෑම් කළ හැකි පුද්ගලයන්ගෙන් ප්‍රසිද්ධ ආයාචනයක් කර තිබේ.
ඉම්රාන්ගේ පුතුන් වන කාසිම් ඛාන් සහ සුලෙයිමාන් ඛාන් බ්‍රිතාන්‍ය පුරවැසියන් වන අතර මේ දක්වා බොහෝ දුරට ලෝකයේ අවධානයෙන් ඈත්ව සිටියහ.
පළමු වරට අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සියලු නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ගවලින් හෙම්බත් වී සිටින නිසා නිහඬතාව බිඳ දැමීමට තීරණය කළ බවයි.
“අපි මීට පෙර කවදාවත් කතා කරලා නැහැ, නමුත් ඔහු අත්විඳින දේ දකිමින් අපට නිහඬව ඉන්න බැහැ,” යැයි කාසිම් තවදුරටත් පැවසීය.
පුරවැසි මාධ්‍යවේදී මාරියෝ නව්ෆල් සමඟ ඔවුන් කළ සම්මුඛ සාකච්ඡාව සමාජ මාධ්‍යවල පුළුල්ව සංසරණය වී තිබිණි.
ඔවුන්ගේ පියා සාවද්‍ය චෝදනා නගමින් මත රඳවාගෙන සිටින බවත් එය පාකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමක් බවත් ඔවුන් විස්තර කර තිබේ.
ඔවුන් කියා සිටින්නේ ඉම්රාන් ඛාන් මරණ දඬුවම නියම වුවන් රඳවා සිටින වැනි කුටියක සම්පූර්ණයෙන්ම හුදකලාව රඳවා සිටින බවයි.
“ඔහුට බාහිර ලෝකයට ප්‍රවේශයක් නැහැ, වෛද්‍යවරුන් හමුවීමට ප්‍රවේශයක් නැහැ, දිගු කලක් හුදකලා සිරකර තබා ගෙන සිටිනවා,” යැයි වැඩිමහල් පුත් සුලෙයිමාන් පැවසීය.
සම්මුඛ සාකච්ඡාවේදී, කාසිම් සහ සුලෙයිමාන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලොව පුරා සිටින අනෙකුත් ඉහළ පෙළේ පුද්ගලයන්ගෙන් තම පියාට නිදහස් වීමට උදව් කරන ලෙස ඉල්ලා ඇත.
“අපි ට්‍රම්ප් සමඟ කතා කිරීමට හෝ ඔහුට යම් ආකාරයකින් උදව් කළ හැකි ක්‍රමයක් සොයා ගැනීමට කැමතියි. මොකද දවස අවසානයේදී, අපි උත්සාහ කරන්නේ අපේ පියා නිදහස් කර, පාකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒම සහ ඔහුගේ මූලික මානව හිමිකම් පමණක් සහතික කිරීම පමණයි,” කාසිම් පැවසීය.
සුලෙයිමාන් ද ලොව පුරා සිටින බලපෑම් කළ හැකි පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටියේ තම පියා නිදහස් කිරීම සඳහා හඬ නඟන ලෙසයි.
ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයක් කරා පාකිස්ථානය මෙහෙයවීම සඳහා ජාතික වීරයකු ලෙස වරක් ප්‍රශංසා කරන ලද ඉම්රාන් ඛාන්, දූෂණ නඩුවක් සම්බන්ධයෙන් රාවල්පින්ඩි හි ආඩියාලා බන්ධනාගාරයේ වසර 14ක සිර දඬුවමක් විඳිමින් සිටී.
2023 අගෝස්තු මාසයේ සිට රඳවාගෙන සිටින 72 හැවිරිදි ඔහු දූෂණ චෝදනා සහ රාජ්‍ය රහස් වැරදි ලෙස හැසිරවීම ඇතුළු චෝදනා 100කට අධික සංඛ්‍යාවකට මුහුණ දී සිටී.
ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ ඒවා දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත චෝදනා ලෙස හඳුන්වමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart