
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ බලයෙන් පහකිරීම සඳහා අමෙරිකාව දියත් කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් ඇති බව වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩයොස්ඩාඩෝ කැබෙලෝ ප්‍රකාශ කර තිබේ.
කැරකස් නුවර බලධාරීන් මීට පෙර මියගිය අයගේ සංඛ්‍යාවක් ප්‍රකාශ කර නොතිබුණ ද හමුදාව මියගිය හමුදා සාමාජිකයන් 23 දෙනෙකුගේ ලැයිස්තුවක් පළ කර තිබිණි.
මධුරෝගේ ආරක්ෂක භටයන්ගෙන් විශාල කොටසක් ‘අමු අමුවේ’ මරාදමා ඇති බව වෙනිසියුලානු නිලධාරීන් පවසා ඇත.
වෙනිසියුලාවේ සිටි සිය හමුදා සහ බුද්ධි අංශ සාමාජිකයන් 32 දෙනෙකු මියගිය බව කියුබාව පවසා තිබේ.
මධුරෝ සමඟ රඳවාගෙන සිටින ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස්ගේ හිසට එක්සත් ජනපද වැටලීමේදී තුවාල වී ඇති අතර, මධුරෝගේ පාදයකට තුවාල සිදු වූ බව කැබෙලෝ පැවසීය.
වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් ‘ධෛර්ය සම්පන්න’ කාන්තාවක බවට රාජ්‍ය රූපවාහිනියේ සිය සතිපතා වැඩසටහන අතරතුර කැබෙලෝ ප්‍රශංසා කර තිබිණි.
එක්සත් ජනපද වැටලීමේදී මියගිය හමුදා සාමාජිකයන් වෙනුවෙන් ඇය අඟහරුවාදා සතියක ශෝක කාලයක් ද ප්‍රකාශ කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart