
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා අමෙරිකාවට පැමිණ සිටින ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සහ ඔහුගේ ආරක්ෂක රථ පෙළට නිව්යෝර්ක් නුවරදී මාර්ග බාධකයකට මුහුණ පෑමට සිදුව තිබිණි.
ඊට හේතුව වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රථ පෙළ සඳහා නිව්යෝර්ක් මාර්ගයක් මද වේලාවක් වසා තැබීම හේතුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයාට එලෙස මහමග නැවතී සිටීමට සිදුව තිබූ බවයි.
එලෙස මහ මගදී බාධක එල්ල වී තිබුණේ ප්‍රංශ ජනාධිපතිවරයා 80 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සිය දේශනය පවත්වා එහිදී ඔහු ප්‍රංශය පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගැනීම නිවේදනය කර ආපසු පැමිණෙමින් සිටි අවස්ථාවේදී වීම විශේෂත්වයකි.
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක මැක්රොන් සහ ඔහුගේ කණ්ඩායම සිය නිල රථයෙන් බැස මාර්ගයේ සිටි පොලිස් නිලධාරියෙකු සමඟ සකච්ඡා කරන ආකාරය දැක්වේ.
එහිදී එම පොලිස් නිලධාරියා “මට කණගාටුයි, ජනාධිපතිතුමනි, මට ගොඩක් කණගාටුයි. දැන් සියල්ල නැවතී වී ඇති බව පමණක් මම දන්නවා. ඒකට හේතුව මෝටර් රථ පෙළක් පැමිණීමයි” නිලධාරියෙක් ප්‍රංශ ජනාධිපතිවරයාට පැවසීය.
අනතුරුව මැක්රෝන් මහ මග සිටම අමෙරිකානු ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමල් ලබාදෙන අයුරු විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා ”අනුමාන කරන්න, මම පාරේ බලාගෙන ඉන්නවා, මොකද ඔබ වෙනුවෙන් හැමදේම නැවතිලා තිබෙන්නේ.” යනුවෙන් පවසා තිබිණි.
කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ රථ පෙළපාලිය ගමන් කිරීමෙන් පසු, වීදි නැවත පදිකයින් සඳහා විවෘත කරන ලද නමුත් මැක්රොන් ප්‍රංශ තානාපති කාර්යාලය දෙසට පයින්ම ගමන් කළ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ඔහු එලෙස පැය භාගයක් පමණ පයින් ගමන් කර ඇති අතර එම කාලය තුළ කිහිප දෙනෙකු ඡායාරූප ගැනීමට සහ ඔහුට ආචාර කිරීමට එක්වූ බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart