
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුක්රේන යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සිකුරාදා ඇලස්කාවේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවන බව ප්‍රකාශ කර තිබේ.
ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළ තොරතුරු ක්‍රෙම්ලිනය තවමත් තහවුරු කර නැත.
කෙසේවෙතත් ලබන සතියේ හදිසි රැස්වීමක් සිදුවිය හැකි යැයි ඔවුන් අපේක්ෂා කරන බව දෙරටම පවසා තිබිණි.
දස දහස් ගණනකගේ මරණයට හේතු වූ රුසියා – යුක්රේන යුද්ධයට මේ වන විට වසර තුනක් ගතවී තිබේ.
රුසියාව සහ යුක්රේනය සාමය වෙනුවෙන් ඉදරිපත් කරන කොන්දේසි හේතුවෙන් සටන් නතර වනු ඇති බවට කිසිදු සහතිකයක් නැත.
දිනය සහ ස්ථානය තහවුරු කිරීමට පෙර ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කළේ ඇතිකර ගනු ලබන ඕනෑම ගිවිසුමකට ‘භූමි හුවමාරුවක්’ ඇතුළත් විය හැකි බවයි.
කෙසේවෙතත් ඔහු ඒ සම්බන්ධ කිසිදු විස්තරයක් ලබා දුන්නේ නැත.
ක්‍රෙම්ලිනයට සමීප විශ්ලේෂකයන් යෝජනා කර ඇත්තේ රුසියාව තමන් ඈඳා ගත් බව කියන කලාප හතරෙන් පිටත තමන් පාලනය කරන භූමිය අත්හැරීමට ඉදිරිපත් විය හැකි බවයි.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සම්බන්ධ ඕනෑම සාකච්ඡාවකට පෙර තමන් පුටින් හමුවන බව ට්‍රම්ප් පැවසීය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපා මහාද්වීපයේ විශාලතම ගැටුම නැවැත්වීමේ උත්සාහයන්හිදී යුක්රේනය පසෙකට දැමිය හැකි බවට යුරෝපය තුළ බියක් පැවතිණි.
පුටින් අවසන් වරට එක්සත් ජනපදයට පැමිණියේ 2015 දී නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහාය.
ඇලස්කාවේ පැවැත්වෙන රැස්වීම 2021 දී ජිනීවාහිදී හිටපු ජනාධිපති ජෝ බයිඩන් පුටින් හමුවූ පසු පැවැත්වෙන පළමු එක්සත් ජනපද-රුසියානු සමුළුව වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart