March 13, 2026

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නව තර්ජනයක් නිකුත් කරමින් මෙසේ ලියා ඇත: “අද මේ පිස්සු පිළිකුල් සහගත පිරිසට මොකද වෙන්නේ කියලා බලන්න.”

ට්‍රම්ප් සිකුරාදා ඔහුගේ Truth Social වෙබ් අඩවියේ සටහනක් තබමින් වැඩිදුරටත් කියාසිටියේ “ඉරානයේ නාවික හමුදාව නැති වී ගොස් ඇත, ඔවුන්ගේ ගුවන් හමුදාව තවදුරටත් නැත, මිසයිල, ඩ්‍රෝන යානා සහ අනෙකුත් සියල්ල විනාශ වෙමින් පවතී, ඔවුන්ගේ නායකයන් පොළොවෙන් අතුගා දමා ඇත” යනුවෙනි.

“ඔවුන් වසර 47 ක් තිස්සේ ලොව පුරා අහිංසක මිනිසුන් මරාදමමින් සිටින අතර, දැන් මම, ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස, ඔවුන් මරාදමමින් සිටිමි, එසේ කිරීම කොතරම් මහත් ගෞරවයක්ද!”