
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සව කටයුතු ඊයේ ආරම්භ වූ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා වොෂින්ටනය විසින් ටෙහෙරානයට සතියක නිවාඩුවක් ලබා දී ඇති බවයි.
ජනහමුවක් අමතමින් ට්‍රම්ප් මෑතකදී ඉරානය සමඟ ඇති වූ ගැටුම ගැන සඳහන් කළ අතර, ඉරාන ඉස්ලාමීය ජනරජය මෙම සතුරුකම් අවසන් කිරීමට දැඩි කැමැත්තකින් පසුවන බව ද පැවසීය.
“අපි එක දවසින් වෙනිසියුලාව පරාජය කළා. ඉරානයටත් හොඳටම ගැහුවා. දැන් ඔවුන්ට මේ ප්රශ්නය බේරුම් කරගන්න ඕන වෙලා තියෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඔවුන්ගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් අපි ඔවුන්ට සතියක නිවාඩුවක් දුන්නා, මොකද අපි හොඳ මිනිස්සු නිසා,” යනුවෙන් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළේය.
පසුගිය පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ටෙහෙරාන් අගනුවරට එල්ල කළ මහා පරිමාණ ගුවන් ප්‍රහාරවලින් කමේනි ජීවිතක්ෂයට පත් විය.
ඉන් මාස හතරකට පමණ පසු මෙම දින හයක රාජ්‍ය අවමංගල්‍ය උත්සවය ඉරානය විසින් ආරම්භ කර තිබේ.
ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව මරණය සිදු වී පැය 24ක් ඇතුළත භූමිකරණය කළ යුතු වුවද, බටහිර ආසියාවේ පවතින දැඩි ගැටුම්කාරී වටපිටාව සහ ආරක්ෂක හේතූන් මත අවමංගල්‍ය කටයුතු මාස හතරකට වඩා වැඩි කාලයක් ප්‍රමාද කිරීමට සිදු විය.
අවමංගල්‍ය උත්සවය ආරම්භ වූයේ ටෙහෙරාන්හි ඉමාම් කමේනි මොසල්ලා පරිශ්‍රයේදී මහජන ගෞරවය සඳහා පැය 24 පුරා දේහය තැන්පත් කර තැබීමෙනි.
ඉන්පසුව ජූලි 7 වැනිදා කොම් ශුද්ධ වූ නගරයේදී ආගමික වතාවත් පැවැත්වෙන අතර, ජූලි 9 වැනිදා කමේනිගේ උපන් ගම වන මෂාද් නුවරදී දේහය භූමදානය කිරීමට නියමිතය.
මෙම අවමංගල්‍ය උත්සවය ආරම්භ කිරීම සඳහා ඉරානය විසින් අමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය යෙදෙන ජූලි 4 වැනිදා තෝරා ගැනීම ද කාගේත් දැඩි අවධානයට ලක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart