
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයට එරෙහි මිලිටරි ප්‍රහාර සති දෙක තුනක් ඇතුළත අවසන් කිරීමට එක්සත් ජනපදයට හැකි බවත්, ගැටුම අවසන් වීමට පූර්ව අවශ්‍යතාවක් ලෙස ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෙම ප්‍රකාශ මගින් පස්වැනි සතියට පැමිණ ඇති යුද්ධය අවසන් විය හැකි ආකාරය පිළිබඳ වෙනස්වන සහ ඇතැම් විට පරස්පර විරෝධී ප්‍රකාශ අවධාරණය කෙරේ.
“අපි ඉතා ඉක්මනින් පිටව යනවා,” ට්‍රම්ප් අඟහරුවාදා ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට පැවසුවේය.
එම පිටවීම “සති දෙකකින්, සමහර විට සති දෙකකින්, සමහර විට සති තුනක් ඇතුළත” සිදුවිය හැකි බවද ඔහු පැවසුවේය.
‘එපික් ෆියුරි මෙහෙයුම’ ලෙස නම් කර ඇති මෙහෙයුම අවසන් කිරීම සඳහා පූර්ව අවශ්‍යතාවක් ලෙස ඉරානය සමඟ සාර්ථක රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් එක්සත් ජනපදයට අවශ්‍ය දැයි විමසූ විට, ට්‍රම්ප් එය එසේ නොවන බව පැවසීය.
“ඉරානය ගිවිසුමක් ඇති කර ගත යුතු නැහැ, නැහැ, ඔවුන් මා සමඟ ගිවිසුමක් ඇති කර ගත යුතු නැහැ ” ඔහු පැවසීය.
බදාදා රාත්‍රී 9ට ට්‍රම්ප් ‘ඉරානය පිළිබඳ වැදගත් යාවත්කාලීන කිරීමක් ලබා දීම සඳහා’ ජාතිය අමතන බව ධවල මන්දිරය පසුව පැවසීය.
ඉරානය න්‍යෂ්ටික අවි හඹා නොයන බවට, සියලුම යුරේනියම් වැඩසටහන් නැවැත්වීමට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම නැවත විවෘත කිරීමට කැපවිය යුතු බවට මූලික ඉල්ලීම් අතර වූ කරුණු 15කින් යුත් එක්සත් ජනපද සටන් විරාම රාමුවක් ටෙහෙරානය පිළි නොගන්නේ නම් හමුදා මෙහෙයුම් තීව්ර කරන බවට වොෂින්ටනය මීට පෙර තර්ජනය කර තිබිණි.
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අඟහරුවාදා උදය වරුවේ පැවසුවේ දහස් ගණනක් මරා දැමූ, කලාපය පුරා පැතිරී ඇති, බලශක්ති සැපයුම් කඩාකප්පල් කළ සහ ගෝලීය ආර්ථිකය අඩපණ කර ඇති යුද්ධය අවසන් කිරීම සඳහා ට්‍රම්ප් ඉරානය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට කැමැත්තෙන් සිටින බවයි.
සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් සහ ශක්තිමත් වෙමින් පවතින බව හෙග්සෙත් පැවසීය.
ඉරානය ඊට අනුකූල නොවන්නේ නම් යුද්ධය අඛණ්ඩව කරගෙන යෑමට ද එක්සත් ජනපදය සූදානම්ව සිටී.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්ගෙන් තමාට සෘජු පණිවිඩ ලැබෙමින් පවතින නමුත් ඒවා ‘සාකච්ඡා’ නොවන බව ඔහු පැවසුවේ යැයි කටාර්හි අල් ජසීරා රූපවාහිනිය උපුටා දැක්වීය.
‘මිතුරන්’ හරහා ලබා දෙන තර්ජන හෝ අදහස් හුවමාරු මෙම පණිවිඩවලට ඇතුළත් බව ඔහු තවදුරටත් පැවසීය.
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයන් කලාපයේ එක්සත් ජනපද සමාගම්වලට එරෙහිව නව තර්ජනයක් ද එල්ල කළේය.
ටෙහෙරාන් වේලාවෙන් රාත්‍රී 8 සිට ඉලක්ක කරනු ලබන මයික්‍රොසොෆ්ට්, ගූගල්, ඇපල්, ඉන්ටෙල්, IBM, ටෙස්ලා සහ බෝයිං ඇතුළු ව්‍යාපාර 18ක් එහි ලැයිස්තුගත කර ඇත.
සමාගම්වලට ඇති තර්ජන ගැන ඔහු සැලළකිලිමත් වන්නේ දැයි විමසූ විට ට්‍රම්ප් නැතැයි පැවසීය.
“ඔවුන්ට තර්ජනය කිරීමට වැඩි යමක් ඉතිරිව නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
බ්‍රිතාන්‍යය වැනි එක්සත් ජනපද යුද ප්රයත්නයට මීට පෙර උදව් නොකළ රටවල් ද ට්‍රම්ප් අඟහරුවාදා විවේචනය කළේය.
සමාජ මාධ්‍ය සටහනක ඔහු කියා සිටියේ ගෝලීය ඉන්ධන හිඟයට ප්‍රතිචාර වශයෙන්, මෙම රටවල් එක්සත් ජනපදයෙන් බලශක්තිය මිලදී ගත යුතු බවයි.
නැතහොත් යම් ප්‍රමාද වූ ධෛර්යයකින් යුතුව හෝමුස් සමුද්‍ර සන්ධියට ගොස් ඉන්ධන ලබා ගත යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart