
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් එකඟතාවකට අනුව, ඉරානයට පනවා තිබූ නාවික අවහිරතා ඉවත් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය පරිදි මෙම පියවර ගත් බව ඇමෙරිකානු මධ්‍යම බලඇණිය තහවුරු කළේය.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රථම වරට අදහස් දක්වමින් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා ඛමේනි ප්‍රකාශ කළේ, තමන් සතුව වෙනස් මතයක් තිබුණද ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් දුන් සහතිකය මත මේ සඳහා අනුමැතිය දුන් බවයි.
පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකා-ඉශ්‍රායල ප්‍රහාරයකින් තම පියා වන අයතුල්ලා අලි ඛමේනි මියයෑමෙන් පසු බලයට පත් මොජ්තබා ඛමේනි ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය වේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට ඉඩ නොදීම ඇතුළු ප්‍රධාන කරුණු 14ක් මත මෙම ගිවිසුම පදනම් වී ඇත.
එසේම දෙපාර්ශවයම දින 60ක් ඇතුළත අවසන් එකඟතාවකට පැමිණිය යුතුය.
ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට තිබූ නිල අත්සන් තැබීමේ උත්සවය අවලංගු වූයේ, දෙරට දුරස්ථ ක්‍රමවේද ඔස්සේ දැනටමත් ගිවිසුමට අත්සන් තබා ඇති බැවිනි.
කෙසේවෙතත්, ඉරානය ප්‍රතිසංස්කරණය සඳහා වන ඩොලර් බිලියන 300ක අරමුදල ඇතුළු ගිවිසුමේ කොන්දේසි සම්බන්ධයෙන් ඇමෙරිකානු රිපබ්ලිකන් පාර්ශවයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී.
ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ගිවිසුම සාධාරණීකරණය කරමින් කියාසිටියේ, ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන් නතර කර කලාපීය සටන්කාමී කණ්ඩායම්වලට අරමුදල් සැපයීම නැවැත්විය යුතු බවයි.
මෙම ගිවිසුම විවේචනය කළ ඊශ්‍රායල අමාත්‍යවරුන්ට දොස් පැවරූ වෑන්ස්, සිවිල් වැසියන් මියයන පරිදි ලෙබනනයට එල්ල කරන ප්‍රහාර පිළිගත නොහැකි බව ද අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart