
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කියුබාවට තෙල් අලෙවි කරන හෝ සපයන රටවලින් අමෙරිකාවට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අමතර තීරු බදු පැනවීමේ විධායක නියෝගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇත.
මෙම නියෝගය අන්තර්ජාතික හදිසි ආර්ථික බලතල පනත ක්‍රියාත්මක කරන අතරතුර පනවා ඇති අතර, එමගින් හඳුන්වා දී ඇත්තේ කියුබානු රජය එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට අසාමාන්‍ය තර්ජනයක් බවයි.
කෙසේවෙතත් ට්‍රම්ප්ගේ තීරණයට කියුබාව සිය විරෝධය පළකර තිබේ.
ඒ අනුව කියුබාවේ විදේශ අමාත්‍යවරයා ට්‍රම්ප්ගේ විධායක නියෝගය හෙළාදකිමින් පවසා ඇත්තේ, එය ම්ලේච්ඡ ආක්‍රමණශීලී ක්‍රියාවක් බවයි.
ට්‍රම්ප්ගේ මෙම පියවර හමුවේ කියුබාව දැනටමත් මුහුණ පා සිටින උග්‍ර බලශක්ති අර්බුදයක් තවත් තීව්ර වනු ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
කියුබාව මෑත වසරවලදී දැඩි ඉන්ධන හිඟයකට මුහුණ දී ඇති අතර එය එහි විදුලිබල ජාලයට බලපාන අතර රට පුරා සිදුවන විදුලිය විසන්ධි වීමට ද හේතුවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart