
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද්ධය අවසන් කිරීම සඳහා දෙපාර්ශවය එකඟතාවකට පැමිණ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින් ඉරිදා (ජූනි 14) ප්‍රකාශ කර තිබේ.
මධ්‍යස්ථකරුවෙකු ලෙස කටයුතු කළ පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ෂරීෆ් විසින් එරට වේලාවෙන් සඳුදා අලුයම මෙම එකඟතාව නිවේදනය කිරීමෙන් සුළු වේලාවකට පසු, වොෂින්ටන් වේලාවෙන් ඉරිදා පස්වරු 5.30 ට පමණ ට්‍රම්ප් තම ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්, “ඉස්ලාමීය ඉරාන ජනරජය සමඟ ඇති කරගත් ගිවිසුම දැන් සම්පූර්ණයි” යනුවෙන් සඳහන් කර තිබිණි.
මෙම ගිවිසුමේ නිවැරදි කොන්දේසි මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත. කෙසේවෙතත්, අග්‍රාමාත්‍ය ෂරීෆ් X (ට්විටර්) හි තැබූ සටහනකට අනුව, “ලෙබනනය ඇතුළු සියලුම පෙරමුණුවල මිලිටරි මෙහෙයුම් වහාම සහ ස්ථිර ලෙස අත්හිටුවීමට” මෙම ගිවිසුමෙන් ඉල්ලා ඇත.
ගෝලීය බලශක්ති සැපයුම සඳහා තීරණාත්මක නැව් මාර්ගයක් වන, මාස කිහිපයක සිට ඉරානය විසින් වසා දමා තිබූ ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ මින් ඉදිරියට කිසිදු ගාස්තුවකින් තොරව විවෘත වන බවත්, ඉරාන වරායන් වෙත පනවා තිබූ ඇමෙරිකානු නාවික අවහිරතා ද අවසන් වන බවත් ට්‍රම්ප් පවසා ඇත. “ලෝකයේ නැව්වලට තම එන්ජින් පණගන්වන ලෙසත්, තෙල් ගලායාමට ඉඩ හරින ලෙසත්” ට්‍රම්ප් එහි ලියා තිබේ.
මෙම ගිවිසුම ලබන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී නිල වශයෙන් අත්සන් කිරීමට නියමිත බව ෂරීෆ් සඳහන් කළේය.
රොයිටර් පුවත් සේවයට අනුව, මෙම කෙටුම්පත් ගිවිසුම මඟින් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම, ඇමෙරිකානු නාවික අවහිරය අවසන් කිරීම සහ සටන් විරාමය දීර්ඝ කිරීම සිදු කෙරෙන අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව ඉදිරි දින 60 ක අතිරේක සාකච්ඡා වටයකදී අවධානය යොමුකිරීමට නියමිතය.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, වැඩි වශයෙන් ඉරානයේ සහ ලෙබනනයේ දහස් ගණනක් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මීට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඇමෙරිකානු කඳවුරු පවතින ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපීය රටවලට ප්‍රහාර එල්ල කළ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කරමින් ලෝක බලශක්ති මිල ඉහළ නැංවීමට කටයුතු කළේය. ඊට ප්‍රතිචාර ලෙස ඇමෙරිකානු හමුදා ඉරාන වරායන් අවහිර කර තිබිණි.
කෙසේවෙතත්, මෙම සැලසුම් සහගත ඇමෙරිකා-ඉරාන ගිවිසුමේ තමන් පාර්ශවකරුවකු නොවන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත.
නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත (කොංග්‍රස් මණ්ඩලයේ බලය තීරණය කෙරෙන) ඇමෙරිකානු අතුරු මැතිවරණයට පෙර, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් එරට ජනතාව දැඩි කලකිරීමට පත්ව සිටීම නිසා, මෙම ඉරාන යුද්ධය ට්‍රම්ප්ට සහ කොංග්‍රස් මණ්ඩලයේ සිටින රිපබ්ලිකන් පක්ෂයේ සගයන්ට දේශපාලනික වශයෙන් දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart