
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක ෆොලරින් බැලෝගන්ට පනවා තිබූ එක් තරග තහනම සමාලෝචනය කරන ලෙස තමන් ෆිෆා ආයතනයෙන් ඉල්ලා සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්ථිර කර තිබේ.
බැලෝගන් වෙත රතු කාඩ්පතක් නිකුත්කිරීමට හේතු වූ එම ක්‍රීඩා විලාසය කිසිසේත්ම වැරැද්දක් (Foul) නොවන බව තමන් විශ්වාස කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, සඳුදා දින ධවල මන්දිරයේ පැවැති හමුවකදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් ෆිෆා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ සමඟ සාකච්ඡා කළ බවයි.
කෙසේවෙතත්, තමන් එහිදී අවසන් තීරණය කුමක් විය යුතුදැයි ෆිෆා ආයතනයට නියෝග නොකළ බවද ඔහු අවධාරණය කළේය.
බොස්නියා සහ හර්සගොවිනා ආරක්ෂක ක්‍රීඩක තාරික් මුහරෙමොවික්ට එල්ල කළ දැඩි ප්‍රහාරයක් හේතුවෙන් බැලෝගන්ට මෙම සෘජු රතු කාඩ්පත හිමිවූ අතර, ඒ අනුව බෙල්ජියම සමඟ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන 16 දෙනාගේ වටයේ තීරණාත්මක තරගය ඔහුට අහිමි වීමට නියමිතව තිබිණි.
එහෙත් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් පසු, ෆිෆා ආයතනය පෙර නොවූ විරූ තීරණයක් ගනිමින් බැලෝගන්ගේ මෙම ස්වයංක්‍රීය එක් තරග තහනම මාස 12කට අත්හිටුවීමට පියවර ගෙන ඇත.
මෙයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින අතර, බෙල්ජියම් පාපන්දු සංගමය සහ යුරෝපීය පාපන්දු සම්මේලනය ප්‍රකාශ කරන්නේ ෆිෆා හි මෙම පක්ෂපාතී තීරණය ලෝක කුසලාන තරගාවලියේ විශ්වාසනීයත්වය මුළුමනින්ම කෙලෙසන්නක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart