
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරලට අයත් ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් පිටවූ උණ්ඩයක් හේතුවෙන් තුවාල ලැබූ සිවිල් ආරක්ෂක නිලධාරියෙක් ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයෙක් විසින් ගිනි අවිය පිරිසුදු කිරීමට යෑමේදී එම අවිය ක්‍රියාත්මක වී යාබදව සිටි සිවිල් ආරක්ෂක නිලධාරියා මෙසේ තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු කන්තලේ පොලිසිය විසින් සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart