
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීමට නැවත වතාවක් උත්සාහ කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ ෆ්ලොරිඩා ගොල්ෆ් පිටියේදී මෙලෙස ට්‍රම්ප්ව ඝාතනය කිරීමට සූදානමින් සිටි බව පවසමින් එරට ආරක්ෂක අංශ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
රයිෆලයක් රැගත් පුද්ගලයකු පඳුරු අතරින් ගමන් කරනු දුටු ආරක්ෂක අංශ ඔහුට වෙඩි තැබූ බවත්, ඒ වන විට ට්‍රම්ප් සිටියේ එම ස්ථානයට යාර 300-500ක් (මීටර් 275 සිට 455 දක්වා) දුරකින් බවත් FBI ආයතනය පවසා තිබේ.
පසුව එම ස්ථානයේ තිබී AK47 මාදිලියේ ගිනි අවියක් සහ දුරදක්නයක්, බැක්පැක් දෙකක් සහ GoPro කැමරාවක් සොයාගෙන ඇත.
ආරක්ෂක නිලධාරීන් කිහිපවතාවක්ම ඔහුට වෙඩි තැබීමෙන් පසු සැකකරු පඳුරු අතරින් දිවගොස් කළු නිසාන් මෝටර් රථයකට නැග ඇති බව පැවැසේ.
පසුව එම රථය වෙනත් ස්ථානයකදී අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, තමා “ආරක්ෂිතව සහ හොඳින්” සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart