
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිට ඇති රාජ්‍ය බැංකුවකට අයත් ස්වයංක්‍රීය මුදල් ලබාගැනීමේ යන්ත්‍රය (ATM) කඩා මුදල් සොරකම් කිරීමට තැත්කරමින් සිටි පුද්ගලයකු පෙරේදා (21) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කම්කරුවකු ලෙස සේවයේ නියුතු අනුරාධපුර, ශ්‍රාවස්තිපුර පහේ ඇළ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
අනුරාධපුර මහ නගර සභාව අසල එම ස්ථානයේම ඇති වෙනත් රාජ්‍ය බැංකුවකට අයත් ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමට පැමිණි පේමඩුව පාර, බණ්ඩාරගම පදිංචි පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
පැමිණිලිකරු රාත්‍රී 8.30ට පමණ මුදල් ලබාගන්නා අවස්ථාවේ සැකකරු යාබද කුටියේ ඇති ටෙලර් යන්ත්‍රය ගලවමින් සිටි අයුරු දැක, පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව වහා එම ස්ථානයට පැමිණි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහු තදින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයකු බව අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (22) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart