
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක්, ආගමක් හෝ භාෂාවක් නොමැති අතර මනුෂ්‍යත්වය සහ එකමුතුකම එහි සැබෑ භාෂාව බවත්, ආචාර්ය සුජාතා අත්තනායක වැනි කලාකරුවන්ගේ නිර්මාණ ඒ සත්‍යය වටහා දී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ආචාර්ය සුජාතා අත්තනායක වෙනුවෙන් පැවැති උපහාර ප්රණාම උළෙලේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් සංවිධානය කරන ලද “ආචාර්ය සුජාතා අත්තනායක ප්රණාම” විශේෂ උපහාර වැඩසටහන ජූලි 28 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේ දී පැවැත්විණි.
දශක හතකට වැඩි කාලයක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්රය වෙනුවෙන් මෙන්ම ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනිය විසින් ඉටුකළ මෙහෙවරට උත්තමාචාර පුද කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ අතර, එතුමියට උපහාර ලෙස ගුවන්විදුලි සංස්ථාවේ දී එතුමියගේ ඡායාරූපයක් විවෘත කිරීම ද මෙහිදී සිදුවිය.
මෙහි දී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, වයස අවුරුදු අටක දැරියක ලෙසින් ඇරඹුණු ආචාර්ය සුජාතා අත්තනායකගේ සංගීත චාරිකාව පරම්පරා ගණනාවක ආදරය දිනාගත් අද්විතීය කලා ගමනක් වූ බවයි.
ජාතියක සංස්කෘතික මතකය ගොඩනැඟෙන්නේ ඉතිහාස පොත්වලින් පමණක් නොව, මිනිසුන්ගේ හදවත් තුළ ජීවත්වන නිර්මාණ, ස්වර සහ මතකයන් තුළින් බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, එවැනි නිර්මාණකරුවන් ජාතියක අනන්‍යතාව ගොඩනඟන පුරෝගාමීන් බව පෙන්වාදුන්නා ය. ඒ සඳහා ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනිය හොඳම නිදසුනක් බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
දශක හතකට අධික කාලයක් පුරා සුජාතා අත්තනායකගේ හඬ ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවිත සමඟ බද්ධ වී ඇති අතර, සතුට, දුක, ආදරය, භක්තිය ඇතුළු ජීවිතයේ විවිධ සන්ධිස්ථානවල දී එම ගීත පසුබිම් වූ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, “ආචාර්ය සුජාතා අත්තනායක ගායනා කළේ ගීත පමණක් නොව හැඟීම් බව ද සඳහන් කළා ය.
ගායනය යනු කෙතරම් ආත්මීය කලා මාධ්‍යයක් ද යන්න ආචාර්ය සුජාතා අත්තනායක සිය ජීවිතයෙන් සනාථ කොට ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, ඇයගේ හඬ කිසිවිටෙක එක් ජාතියකට, එක් භාෂාවකට හෝ එක් සංස්කෘතියකට සීමා නොවූ බව ද අවධාරණය කළා ය. සිංහල, දෙමළ සහ ඉස්ලාම් සංස්කෘතික ගීත ගායනා කිරීමෙන් මෙන්ම විවිධ ප්‍රජාවන් සමඟ කලාත්මක බැඳීම් ගොඩනැඟීමෙන් එතුමිය සහජීවනය හා සහකම්පනය ශක්තිමත් කළ කලාකාරිනියක වූ බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ප්‍රවීණ සංගීතවේදී නවරත්න අත්තනායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(උපුටාගැනීම – දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart