
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්රවෘත්ති හා සාවද්‍ය ප්රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම මාධ්‍ය ආයතනය පිළිබදව අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත ලිපියක් මගින් දැනුම් දී ඇතැයි පොලීසිය පවසන බව News 19 වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර්ගෙන් කළ විමසිමකදි ඔහු සඳහන් කර ඇත්තේ, මෙම කරුණ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු පිළිබදව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කළ බවයි.
ඒ අනුව, විද්‍යුත් විකාශන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් නිසි බලධාරියා වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට මීට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නැයි අදාළ ලිපිය මගින් ඉල්ලා සිටි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් Ceylonwire.lk පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ පියවර ගැනෙමින් තිබෙන බවයි.
පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායකද සඳහන් කළේ කුඩු ව්‍යාපාර හරහා මාධ්‍ය ජාල ගොඩනැගීම සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තාවක්ද ඉතා ඉක්මණින් හෙළිදරව් කරන බවයි.
මීට අමතරව ආපදා අවස්ථාවක සමස්ත රටේ ජනතාව එක්ව සිටින මොහොතක සදාචාර විරෝධී ලෙස සත්‍යයෙන් තොර පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද පසුගිය පළමුවැනිදා පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart