
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සත්‍ය හා ප්රතිසන්ධාන කොමිෂන් සභාවක් පිහිටුවීම සදහා වූ පනත් කෙටුම්පත”හි අවසන් පිටපත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ලබන මස වනවිට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සහ දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) වෙත ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.
එම කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණු පසු දෙසැම්බර් මාසය වනවිට එය ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි රජය බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි නිත්‍ය සැසිවාරය හෙට (ජුනි 19) ආරම්භ වීමට පෙර මෙම පියවර ගෙන ඇත.
හෙටින් ඇරඹෙන සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වාචික කරුණු දැක්වීමක් සිදු කරනු ඇත.
දකුණු අප්‍රිකාවේ සත්‍ය හා ප්රතිසන්ධාන කොමිසමේ හැඩය ගත් සත්‍ය සහ ප්රතිසන්ධාන යාන්ත්‍රණයක් මෙරට ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් සංදේශයක් අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමත කර තිබේ.
එම සංදේශය මැයි 29 දින ඇමැති විජයදාස රාජපක්ෂ සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි ඉදිරිපත් කළහ.
මෙම යාන්ත්‍රණය අධ්‍යයනය කිරීම සඳහා ඔවුන් දෙදෙනා පසුගියදා දකුණු අප්‍රිකාවේ සංචාරයක ද නිරත විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart