
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 අගෝස්තු 19 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලද “දූෂණ විරෝධී (සංශෝධන)” පනත් කෙටුම්පත මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල 2023 අංක 9 දරන ප්‍රධාන පනතේ අරමුණු දැඩි ලෙස දුර්වල වන බවත් පෙන්වා දෙමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය 2026 අගෝස්තු 31 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
මෙම සංශෝධන මගින් විනිවිදභාවය සහ වගවීම අනතුරේ හෙළන බව කියන ප්‍රධාන කරුණු කිහිපයක් පෙත්සම මගින් අනාවරණය කර ඇත:
– අධිකරණ අධීක්ෂණය ඉවත් කිරීම (4 වන වගන්තිය): නඩුවලට සම්බන්ධ සහායකයන්ට නඩු පැවරීමෙන් වැළකී සිටීමේ බලය, මහේස්ත්‍රාත්වරයකුගේ පූර්ව අවසරයකින් තොරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත පැවරීමට යෝජනා කර ඇත. මෙමගින් අධිකරණ අධීක්ෂණය ගිලිහී ගොස් අභිමතානුසාරී බලය එක තැනකට ඒකරාශී වන බව TISL පෙන්වා දෙයි.
– වත්කම් ප්‍රකාශ සීමා ඉහළ නැංවීම (6 සහ 18 වන වගන්ති): නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශ අනිවාර්ය වන රාජ්‍ය කොටස් හිමිකාරීත්ව සීමාව 25% සිට 50% දක්වා ඉහළ නැංවීමට යෝජිත අතර, එමගින් රාජ්‍ය සම්බන්ධිත සමාගම් රැසක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වගවීමෙන් නිදහස් වීමේ අවදානමක් මතුවේ.
– සහවාසයේ ජීවත්වන්නන් මගහැරීම (7 වන වගන්තිය): මාස හයකට වැඩි කාලයක් එකට ජීවත්වන සහකරුවන්ගේ/සහකාරියන්ගේ වත්කම් ප්‍රකාශ කිරීමේ බැඳීම ඉවත් කිරීම මගින් නීති විරෝධී වත්කම් සඟවා තැබීමට ඉඩ සැලසේ.
– තොරතුරු සඟවා තැබීම සහ භාවිතය අපරාධයක් කිරීම (11 වන වගන්තිය): වත්කම් ප්‍රකාශනවල තොරතුරු සංස්කරණය කිරීමට කොමිසමට පුළුල් බලතල ලැබෙන අතර, එම තොරතුරු වෙනත් කාර්යයන් සඳහා භාවිත කිරීම දඩ සහ සිරදඬුවම් හිමිවන අපරාධ වරදක් බවට පත්කිරීම මගින් භාෂණයේ නිදහස සහ මාධ්‍ය භාවිතය දැඩි ලෙස සීමා වේ.
මෙම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 12, 13 සහ 14(1)(අ) ඇතුළු ප්‍රතිපාදනවලට පටහැණි බැවින්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් තොරව මෙම පනත් කෙටුම්පත සම්මත කළ නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස TISL ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart