
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.
එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව ඇමතිවරයා සඳහන් කරන ලද්දේ, අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඒ අනුව හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
“මම ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලනවා අද මධ්‍යම රාත්‍රි 12 සිට ලංකාණ්ඩුවේ දුම්රිය සේවය මහජනයාට අත්‍යාවශ්‍ය සේවය පරිවර්තනය කරලා හෙට සිට ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගන්නත් අනෙක් කිසිදු වැඩවර්ජනයකට සහභාගී නොවී තමන්ගේ වගකීම නිසිලෙස ඉටුකළ අනෙකුත් අනෙක් වෘත්තීය සමිති සහ ඒවායේ 18,000ක් පමණ අනෙක් සේවකයින් වෙනුවෙනුත් ඒ ක්‍රියාමාර්ගය අපි ගන්නවා.”
දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රියක වහලය මත ගමන් කළ තරුණයෙකු ඉන් ඇදවැටී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන්ද ඇමැතිවරයා මෙහිදී අදහස් පළකළේය.
“මේ මරණය ගැන අපි අතිශය කනගාටු වන අතර, මෙම මරණයට සම්පූර්ණයෙන්ම හිතුවක්කාර වෘත්තීය සමිතිවල වැඩවරපු 84 දෙනාම මේ මරණයේ වගඋත්තරකරුවන්. යුක්තිය පසිඳලන ආයතන තියෙනවා නම් මේ දරුවාට දෙමාපියන් ඉන්නවා, මේ වර්ජනය කරපු අයත් දෙමාපියන් වෙන්න පුළුවන්. නමුත් හිතුවක්කාර වර්ජනයක් කරේ. හෙට සාකච්ජාව දීලා තියෙද්දි පොරොන්දු වෙලා නිල වශයෙන් දැනුම්දීලා තියෙද්දි එපා කියද්දි 84 දෙනෙක් පමණක් මෙහෙම වර්ජනය කිරීම සම්පූර්ණයෙන්ම දුම්රිය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමක්. ඒ නිසා මේ ත්රස්තවාදයට යටත්වෙන්න රජයක් විදියට අපි සුදානම් නෑ. මෙවැනි අනීතික වැඩවර්ජනයක් කරලා මෙහෙම නිරායුධ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැතිවෙනවා නම් මේක මිනිමැරුමක්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart