
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ඩිජිටල්කරණ ජාතික වැඩපිළිවෙල අනුව රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ තවත් ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය නිලධාරීන් සඳහා අනුග්‍රාහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මාර්ගගත(Online) ක්‍රමවේදය ඔස්සේ ලබා දීමට පියවර ගෙන ඇත.
මෙම ජාතික වැඩපිළිවෙල යටතේ ඉදිරියේදී රජයේ ආයතන එම ආයතනවල නිලධාරීන් වෙනුවෙන් දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර අයදුම් කිරීමට, ප්‍රවේශ මාර්ගගත දුම්රිය ඩිජිටල් වේදිකාවේ ලියාපදිංචි විය යුතු වේ.
ඒ අනුව එහි පද්ධති සඳහා රාජ්‍ය ආයතන ලියාපදිංචි කිරීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් අද නිළ වශයෙන් ආරම්භ විය.
අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර පහසුකම අවශ්‍ය රාජ්‍ය නිලධාරීන් ප්‍රවේශ ජංගම දුරකථන යෙදවුම ඔස්සේ හෝ www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ තම සේවයේ නියුතු රාජ්‍ය ආයතනයේ අදාළ විෂය භාර නිලධාරියාගේ සම්බන්ධීකරණයෙන් අදාළ ආයතනයේ ප්‍රවේශ මාර්ගගත පිවිසුම ඔස්සේ මෙම සේවාවට ලියාපදිංචි විය යුතුය.
එලෙස ලියාපදිංචි වන නිලධාරීන්ට ඔවුන් අයත් රාජ්‍ය ආයතනයේ ලියාපදිංචි වීම සහ ජූලි මාසය සඳහා අවශ්‍ය අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර ඉල්ලුම් කිරීමට 2026 ජුනි 15 වනදා සිට අවස්ථාව සලසා ඇත.
ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල මගින් රජයේ ඩිජිටල් පරිවර්තන ජාතික වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කිරීමත්, දුම්රිය සේවාවේ ගුණාත්මක, කාර්යයක්ෂමතාව ඉහළ නැංවීම සඳහාත් දුම්රිය මගී ජනතාවට ප්‍රශස්ත සේවාවක් සහ පහසුකම් වැඩි දියුණු කිරීමත් මෙම ව්‍යාපෘතිය හරහා අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart