March 19, 2024

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්‍රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව ඇත.

කොළඹ කොටුව දුම්රිය දුම්රිය ස්ථානයේ බේරේ පාලම අසල මෙම පිලී පැනීම සිදුව තිබේ.

අනතුර හේතුවෙන් දුම්රියේ මැදිරි කිහිපයක් ගැලවී ගොස් ඇත.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ මාර්ග දෙකම අවහිර ඇත.

අද දින රාත්‍රී 08.35 අලුත්ගම හා 09.35 අලුත්ගම බලා ධාවනය වන දුම්රිය දෙකම අවලංගු කර තිබේ.