
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්තයා වන ටොයෝටා(Toyota) සමාගම නිෂ්පාදන පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් සිය මව් රටේ පිහිටි සිය සියලු එකලස් කිරීමේ කම්හල්වල මෙහෙයුම් අත්හිටුවා ඇත.
මෙම පියවර හේතුවෙන් ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයාගේ දේශීය නිෂ්පාදනය ඇනහිටීමට ඉඩ ඇති බව වාර්තා වේ.
සමාගමේ ප්‍රකාශකයෙකු බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ, ගැටලුවට හේතුව සෙවීමට සමාගම උත්සාහ කරන නමුත් එය සයිබර් ප්‍රහාරයක් නිසා යැයි දැනට විශ්වාස නොකරන බවයි.
අද(අඟහරුවාදා) උදෑසන Toyota ජපානයේ එහි එකලස් කිරීමේ කම්හල් 14න් 12ක මෙහෙයුම් අත්හිටුවා ඇත.
ඉන් පසු එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සියලුම කම්හල්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවන බවයි.
මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සැලසුම් කරන්නේ කවදාද යන්න හෝ නැවත්වීම හේතුවෙන් නිෂ්පාදනය කොපමණ ප්‍රමාණයක් අහිමි වනු ඇතැයි අපේක්ෂා කරන්නේද යන්න සමාගම තවමත් ප්‍රකාශ කර නොමැත.
සමස්තයක් ලෙස ගත් කල, මෙම කම්හල් 14 Toyota හි ගෝලීය නිෂ්පාදනයෙන් තුනෙන් එකක් පමණ වන බවට ගණන් බලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart