
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාව 2023 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජයග්‍රාහකයන් ලෙස කිරුළු පැළඳුවේ මේ වසර මුලදී ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ලකුණු 209කින් ඉන්දියාව පරාජය කිරීමෙන් පසුවය.
අවසන් මහා තරගයේදී පමණක් නොව වසර පුරාවට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ විශිෂ්ට දස්කම් දැක්වූහ.
ඕස්ට්‍රේලියානුවන් ලකුණු ලබාගැනීමේ සටහනේ පළමු ස්ථාන හතර හිමිකරගෙන ඇති අතර, උස්මාන් කවාජා වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා 2023 වසර අවසන් කළේය.
නවසීලන්තයේ කේන් විලියම්සන් 2023 දී වැඩිම ශතක ගණනක්, එනම් හතරක් ලබාගත් අතර, බංග්ලාදේශයේ නජ්මුල් ෂැන්ටෝ, ඕස්ට්‍රේලියාවේ උස්මාන් කවාජා සහ ස්ටීව් ස්මිත්ගෙන් ශතක තුන බැගින් ලබාගෙන තිබේ.
පන්දු යැවීමේ ලැයිස්තුවේ, පළමු කඩුලුලාභියාගේ ස්ථානය ද ඕස්ට්‍රේලියානු ජාතිකයකු විසින් දරනු ලැබූ අතර, ඕස්ට්‍රේලියානුවන් 04 දෙනකු පළමු ස්ථාන 10 තුළ සිය ස්ථාන ආරක්ෂා කර ගෙන ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය හොදම ටෙස්ට් පන්දුයවන්නන් ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ රැඳීසිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart