
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇස් පෙනීම දුර්වල වීමේ හැකියාව පවතින අක්ෂි ආබාධයක් වන කෙරටොකෝනස්, පාසල් දරුවන් ඇතුළුව මෙරට පැතිර යමින් පවතින බව ජාතික අක්ෂි රෝහල අනතුරු අඟවා තිබේ.
ලෝක කෙරටොකෝනස් දිනය වෙනුවෙන් සංවිධාන කර තිබූ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් විශේෂඥ අක්ෂි ශල්‍ය වෙද්‍ය කුසුම් රත්නායක පැවසුවේ, දුර්ලභ යැයි සැලකූ මෙම තත්ත්වය දැන් අවුරුදු අටක් තරම් කුඩා දරුවන් අතර පවා මතුවෙමින් පවතින බවයි.
කෙරටොකෝනස් නිසා ඇසේ පැහැදිලි ඉදිරිපස පෘෂ්ඨය වන කෝනියාව ක්‍රමයෙන් තුනීවී කේතු හැඩයකට නෙරායෑම සිදුවන අතර, එමඟින් පෙනීම බොඳවීම හෝ විකෘති වීම සිදුවේ.
මේ සම්බන්ධයෙන් ජාතික වශයෙන් සමීක්ෂණයක් තවමත් සිදුකර නොමැති වුවද, වාර්තාවලින් පෙනීයන්නේ බොහෝ රෝගීන් වයස අවුරුදු 10 ත් 40ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බවයි.
මෙම ආබාධය සාමාන්‍යයෙන් නව යොවුන් වියේ හෝ වැඩිහිටි වියේ දී ආරම්භ වන බවත් වෛද්‍ය කුසුම් රත්නායක පැවසීය.
පවුලේ වෙනත් කෙරටොකෝනස් රෝගීන් හඳුනාගෙන ඇත්නම්, නිතර ඇස් පිරිමදින පුද්ගලයෙක් නම්, අසාත්මික අක්ෂි රෝග දීර්ග කාලයක් තිස්සේ පවතියි නම්, ඩවුන්ස් සින්ඩ්‍රෝමය හෝ සම්බන්ධක පටල ආබාධ වැනි තත්ත්ව පවතියි නම් එම පුද්ගලයන්ට මෙම රෝගය වැළඳීමේ අවදානම පවතියි.
පෙනීම දුර්වල වීම සහ රූප ඇදවී පෙනීම, ආලෝකයට සංවේදීතාව වැඩිවීම, ද්විත්ව හෝ සෙවනැලි රූපදර්ශනය වීම, රාත්‍රියට පෙනීමේ දුර්වලතා පැවතීම, නිතර ඇති වන ඇස් දැවිල්ල, රතුවීම හා ඇස් කැසීමට ඇති වන පෙළඹවීම මෙම රෝගී තත්ත්වයේ පොදු රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇත.
මේ නිසා රෝගය කළින් හඳුනාගැනීම ඉතා වැදගත් වන අතර, අක්ෂි වෛද්‍යවරයකු විසින් සිදුකරන විධිමත් අක්ෂි පරික්ෂණයක් මඟින් මෙම රෝගය පහසුවෙන් හඳුනාගත හැකි බව ද වෙද්‍ය කුසුම් රත්නායක පැහැදිළි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart