
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් නීති රාමුව යටතේ ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් අතර සිදුවන ගෙවීම් සඳහා ඩිජිටල් වත්කම් භාවිත කිරීමට අවසර නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යළි අවධාරණය කරයි.
ශ්‍රී ලංකා ෆින්ටෙක් උළෙල ඇමතූ මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, දේශීය ගනුදෙනුවලදී ශ්‍රී ලංකා රුපියල වෙනුවට ඩිජිටල් වත්කම් ආදේශ වීම වැළැක්වීමට සහ මෙරට මූල්‍ය ස්වෛරීභාවය සුරක්ෂිත කිරීම සඳහා මෙම සීමා පැනවීම අත්‍යවශ්‍ය වන බවයි.
ඩිජිටල් වත්කම් ඇතුළු නැගී එන තාක්ෂණයන් මගින් මූල්‍ය ක්ෂේත්‍රයට නව අවස්ථා උදාකර දිය හැකි බව පිළිගත් ඔහු, ඒ සඳහා පැහැදිලි රෙගුලාසි සහ සුදුසු ආරක්ෂිත පියවරයන් පැවතීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
තාක්ෂණය දියුණු වන විට ඊට සමගාමීව ඊට අදාළ නියාමන පැහැදිලිභාවයද වර්ධනය විය යුතු බව පැවසූ අධිපතිවරයා, නියාමනයන් මගින් රටේ මූල්‍ය ස්ථාවරත්වයට හානියක් නොවන පරිදි වගකීම්සහගත නවෝත්පාදනයන් සඳහා සහාය දැක්විය යුතු බවද සඳහන් කළේය.
එමෙන්ම ඇතැම් ඩිජිටල් වත්කම් හේතුවෙන් පාරිභෝගිකයන් වෙළෙඳපොළ අධික උච්චාවචනයන්ගේ අවදානමට ලක්විය හැකි අතර, නීති විරෝධී මූල්‍ය කටයුතු සඳහාද ඒවා භාවිත වීමේ අවදානමක් පවතින බවට මහ බැංකු අධිපතිවරයා මෙහිදී අනතුරු ඇඟවීය.
මූල්‍ය තාක්ෂණය ආශ්‍රිතව පවතින සයිබර් ප්‍රහාර, මෙහෙයුම් බිඳවැටීම්, වංචා-දූෂණ, දත්ත උල්ලංඝනය වීම් සහ අසම්පූර්ණ පාරිභෝගික ආරක්ෂණය ඇතුළු අවදානම් කිහිපයක්ද ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව ඩිජිටල් මූල්‍ය සේවාවන් ව්‍යාප්ත කිරීමේදී රටේ මූල්‍ය ස්ථාවරත්වය කිසිසේත්ම පවා නොදිය යුතු බව ආචාර්ය වීරසිංහ වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර, මහ බැංකුව මූල්‍ය නවෝත්පාදනයන් සඳහා විවෘතව සිටින බවත්, සුදුසු ආරක්ෂිත පියවර යටතේ නව්‍ය මූල්‍ය විසඳුම් පරීක්ෂා කිරීම සඳහා ‘ෆින්ටෙක් නියාමන වැලිපිළිල’ ක්‍රමවේදය ඒ වන විටත් හඳුන්වා දී ඇති බවත් අධිපතිවරයා පැවසීය.
මූල්‍ය ස්ථාවරත්වය, මහජන විශ්වාසය සහ පාරිභෝගික ආරක්ෂාව ප්‍රමුඛතාවක් ලෙස තහවුරු කරන අතරම, තාක්ෂණික වර්ධනය සහ ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය දිරිගැන්වීමට මහ බැංකුව ඉදිරියටත් කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart