
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ කුමන්ත්‍රණයකට සහභාගී වීම සම්බන්ධයෙන් වූ නඩුවකින් වරදකරු කර වසර පහක සිරදඬුවමක් නියම වූ ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි සිරගත කර සති තුනකට පසු නිදහස් කර ඇත.
ඔහු අධිකරණයේ දැඩි අධීක්ෂණයකට යටත් කර ඇති අතර, ලබන වසරේ පැවැත්වීමට නියමිත අභියාචනා නඩු විභාගයකට පෙර ප්‍රංශයෙන් පිටවීම තහනම් කර තිබේ.
70 හැවිරිදි වියේ පසුවන නිකොලස් සාකෝසිට ඉකුත් ඔක්තෝබර් 21 වැනි දින වසර 05ක සිරදඬුවමක් නියම කෙරිණි.
ඒ, ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ මුදල්වලින් 2007 මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් සැපයීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවීමත් සමගයි.
අනතුරුව ඔහුගේ නීති කණ්ඩායම වහාම ඔහු නිදහස් කරන ලෙස ඇපෑලක් ගොනුකළේය.
නිදහස හිමිවීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් සාකෝසි පැවසුවේ, ඔහුගේ ශක්තිය යොමු වී ඇත්තේ සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමේ එකම ඉලක්කය කෙරෙහි පමණක් බවයි.
“සත්‍යය ජයගනු ඇත… කතාවේ අවසානය තවමත් ලියා නොමැත.” යනුවෙන් ද ඔහු සටහන් කර තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ නිදහස හිමිවූ සාකෝසි බටහිර පැරිසියේ පිහිටි ඔහුගේ නිවසට පැමිණෙනු දක්නට ලැබුණු බවයි.
සාකෝසිගේ නීතිඥයකු වන ක්‍රිස්ටෝෆ් ඉන්ග්රේන්, තම සේවාදායකයාගේ නිදහස් කිරීම ඉදිරි පියවරක් ලෙස ප්‍රශංසා කළ අතර මාර්තු මාසයේදී පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන අභියාචනා නඩු විභාගය සඳහා දැන්ම සූදානම් වන බව පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart