
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවසරයකින් තොරව මාලදිවයින් සුවිශේෂී ආර්ථික කලාපයේදී සොයාගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ‘අවිෂ්ක පුතා’ යාත්‍රාවෙන් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව මාලදිවයින් පොලිසිය තහවුරු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් මාලදිවයින් පොලිසිය පැවසුවේ, සැකසහිත මත්ද්‍රව්‍ය කිලෝ 355.9ක් යාත්‍රාවෙන් අත්අඩංගුවට ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාලදිවයින් පොලිසිය තවදුරටත් පවසයි.
මාලදිවයින් පොලිසියට අනුව, සැකසහිත හෙරොයින් කිලෝ 58.6ක් සහ සැක සහිත ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 297.3 ක් යාත්‍රාවේ තිබී ගෝනි 24ක් වශයෙන් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 39, 42, 28, 34 සහ 63 වියේ පසුවන්නන් වේ.
ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් වන ‘අවිෂ්ක පුතා’ සිකුරාදා (07) මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
වැඩිදුර පරීක්ෂණ සඳහා යාත්‍රාව සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනා ඉරිදා (09) මාලදිවයිනේ පොලිස් සේවයට භාරදෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart