May 1, 2026

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව වෙසක් උත්සවය අද දින සමරනු ලබන බැවින්, අද දින සමගි ජන බලවේගයේ මැයි දින රැලියට තම පක්ෂයට සහභාගී විය නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලිපියක් යවමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

“අපේ කලාපයේ බොහෝ රටවල් අප්‍රේල් 30 සිට වෙසක් සැමරීමට පටන් ගනු ලබනවා. එක්සත් ජාතික පක්ෂය ද මේ හේතුව නිසා පෝය දින සැමරුම් ආරම්භ කරනු ලැබුවා” යැයි රනිල් වික්‍රමසිංහ සිය ලිපියේ සඳහන් කරයි.

අද දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මැයි රැලියට ඔහු සිය සුභ පැතුම්ද පළකර ඇත.