
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරියේ දී පෙර පාසල් ඉගැන්වීම් කටයුතු සිදු කළ හැක්කේ රජය විසින් නියම කළ සුදුසුකම් සම්පූර්ණ කළ ගුරුවරුන්ට පමණක් බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
රට පුරා පවතින සමස්ත පෙර පාසල් 19,000ක සේවය කරන 40,000ක් පමණ පෙර පාසල් ගුරුවරුන්ට ඩිප්ලෝමාවක් සහිත නිශ්චිත පුහුණුවක් ඉදිරියේ දී ලබාදෙන අතර එම සුදුසුකම් සැපිරූ ගුරුවරුන්ට පමණක් පෙර පාසල් ආරම්භ කිරීමට අවසර දෙන බව ඇමැතිවරයා පවසයි.
බෝම්රිය ජාතික පාසලේ ආර්ථික දුෂ්කරතා ඇති දරුවන්ට නොමිලේ පාසල් පොත් ලබා දීමේ ජාතික වැඩසටහනට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
දරුවකුගේ අධ්‍යාපනයට පදනම වැටෙන්නේ, පෙර පාසල් අධ්‍යාපනය තුළින් වන නිසා ඒ් පිළිබද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඇමැතිවරයාගේ අදහසයි.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රාථමික ගුරුවරුන් පුහුණු කිරීම, යුනිසෙෆ් ආයතනය හරහා එක්ව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඉංග්‍රීසි භාෂාව පළමු වසරේ සිට ආරම්භ කිරීම ආදිය දැනටමත් සිදුකරන බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා ප්‍රකාශ කර සිටින්නේ, උසස් පෙළ විභාගයෙන් පසු සිසුන්ට මාස 06ක වෘත්තීය පුහුණුවක් ලබාදීමේ වැඩසටහනක් 2024 සිට ආරම්භ කිරීමට නියමිත බවයි.
ඒ අනුව, මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසුන්ට විභාගයෙන් පසු මාස 06ක් එම පාසල්වල තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අවස්ථාව සලසා දීමට නියමිතය.
සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් පාසල් සිසුන් ලක්ෂ 03කට තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව සහ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට නියමු වැඩසටහනක් දිවයින පුරා පාසල් 320ක ආරම්භ කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart