
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළැඹෙන මැතිවරණයේදී විපක්ෂ නායක ධුරය ලබාගැනීම පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් සාකච්ඡා පවත්වා ඇති බව දැනගන්නට ඇත.
වත්මන් දේශපාලන තත්ත්වය තුළ වඩා සුදුසු වන්නේ විපක්‍ෂ නායක ධුරය ලබාගෙන වැඩකටයුතු කරමින් ඉදිරි මැතිවරණයකදී රටේ බලය ලබාගැනීම සඳහා වැඩකටයුතු කිරීම බවද දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට යම් කාලයක් ගතවන නිසා, එය සිදුකර ගැනීමට වඩාත්ම පහසු විපක්‍ෂ නායක ධුරය ලබාගෙන පසුව රටේ ජනාධිපති ධුරය දක්වා යෑමට සුදුසු වටපිටාවක් සකසා ගැනීම බවද මෙම මන්ත්‍රි කණ්ඩායමේ මතය වී තිබේ.
ඒ අනුව නාමල් රාජපක්‍ෂ විපක්‍ෂ නායක ධුරයට පත්කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායමක් සැලසුම් සකස් කරන බවද වාර්තා වේ.
එහෙත් මීට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යම් මන්ත්‍රි කණ්ඩායමක් විරුද්ධ බවද දැනගන්නට ඇත.
වත්මන් ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහට එළැඹෙන ජනාධිපතිවරණයේදී සහාය දැක්විය යුතු බවට එම මන්ත්‍රි පිරිස යෝජනා කර ඇති බවද දැනගන්නට තිබේ.
(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart