
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් සභා යටතේ පාසල් සියල්ල පවත්වාගෙන යෑමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනා වී ඇතැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් පවසයි.
ඒ අනුව, ජාතික හා පළාත් යනුවෙන් පාසල් දෙවර්ගයක් මින් ඉදිරියට පවත්වාගෙන නොයෑමටත්, අධ්‍යාපන අමාත්‍යංශය සිදුකළ පාසල් අධීක්ෂණය හා පරිපාලන කටයුතු පළාත් සභාවලට පැවරීමටත් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වී ඇතැයි සභාපතිවරයා සඳහන් කරයි.
පළාත් සභාවෙන් පළාත් සභාවට වෙනස් නොවන පරිපාලන ක්‍රමවේදයක් යටතේ සියලු පාසල් පවත්වාගෙන යායුතු බවට කාරක සභාව අදහස් කර ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
එසේම මුදල් ඇතුළු සියලු පහසුකම් ලබාදීමේදී අසාධාරණයක් නොකරන ලෙසට දැනුම්දුන් බවද හෙතෙම ප්‍රකාශ කරයි.
ප්‍රාථමික, 6-9 සහ උසස් පෙළ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පාසල් පවත්වාගෙන යෑමටත්, වසර හතරකට වරක් මෙම වැඩපිළිවෙළ යාවත්කාලීන කිරීමටත් යෝජනා වී ඇතැයිද මන්ත්‍රිවරයා පවසයි.
එසේම උසස් පෙළ දොළහ ශ්‍රේණියටද, සාමාන්‍ය පෙළ දහය ශ්‍රේණියටද ගෙන ඒමටත් ප්‍රධාන පාසලක් වටා පිහිටි පාසල් අටක් පෝෂණය කරමින් පවත්වාගෙන යෑමටත් නියමිත බවද රාධක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.
මීට අමතරව හය ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීමටද යෝජනා වී තිබෙන බව සභාපතිවරයා පවසයි.
පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි අනිවාර්ය කිරීමට මුලින් යෝජනා වූ බවත්, එසේ කළහොත් මව් භාෂාව සිසුන්ගෙන් ඈත්විය හැකි යැයි කාරක සභාවේ සාමාජිකයන් පෙන්වාදුන් බවත්, හෙතෙම සඳහන් කරයි.
අධ්‍යාපන ඇමැතිවරයා ආංශික අධීක්ෂණ කාරක සභාවට ලබාදී ඇති මෙම යෝජනා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත්, කාරක සභාව මේ දක්වා ඊට අනුමැතිය ලබාදී නොමැති බවත්, ඔහු පවසයි.
ලබන ජනවාරි දෙවැනි සතියේදී නැවතත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද මන්ත්‍රි රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කරයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව, අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න සඳහන් කර ඇත්තේ, ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පවතින තදබදය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ නිර්මාණය වී ඇති ගැටලුවලට මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලින් විසඳුමක් ලැබේද යන්න ගැටලුවක් වන බවය.
සිසුන් ඇතුළත් කර ගැනීමේදී තරගයකට මුහුණදෙන ජනප්‍රිය පාසල්වල පන්ති කාමරයක් අඩු කිරීමෙන් ප්‍රායෝගික ගැටලූවලට මුහුණදිය හැකි බවද මන්ත්‍රිවරිය සදහන් කරයි.
ඒ අනුව, උසස් පෙළ ශ්‍රේණිය 12 දක්වා අඩු කිරීමට ජනප්‍රිය පාසල්වල සහායක් නොලැබෙනු ඇතැයි කාරක සභාවේදී සාකච්ඡා වූ බව කවිරත්න මන්ත්‍රීවරිය පවසයි.
එසේම පළාත් සභා යටතට පාසල් ඇතුළත් කරගැනීම ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart