
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට දෙමළ දේශපාලන පක්ෂ විසින් තමන්ට විශ්වසනීය සහ පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන සුළු ජාතික ප්‍රජාවෙන් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම්කර ඇතැයි වාර්තා වේ.
මෙරට මීළඟ ජනාධිපතිවරණය 2024 වසරේ අවසන් කාර්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව මෙරට මීළඟ ජනාධිපතිවරයා නොවැම්බර් මැද භාගයේදී තෝරාපත්කර ගැනෙනු ඇත.
ජ්‍යෙෂ්ඨ දෙමළ නායකයකු වන ආර්.සම්බන්ධන් ත්‍රිකුණාමලයේ සිය නිවසේදී මාධ්‍යවේදීන් අමතමින් කියාසිටියේ පිළිගත හැකි දේශපාලන විසඳුමක් තුළින් දෙමළ සුළුතරයේ සියලු ගැටලු විසඳීමට ප්‍රතිඥාදෙන අපේක්ෂකයකුට සහායදීමෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවට යහපතක් වනු ඇති බවයි.
දෙමළ ජාතික සන්ධානය විසින් දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට යෝජනාකර ඇති බව ද ඔහු පැවසුවේය.
එහෙත් එවැනි අපේක්ෂකයකුට වැඩි සහයෝගයක් ලබාගැනීමට නොහැකිවන බව දෙමළ ජනතාව තේරුම්ගතයුතු බවත් ඒ නිසා හොඳම ක්‍රියාමාර්ගය පිළිබඳ පක්ෂ තීරණය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධන් අවධාරණය කළේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමෙන් දෙමළ ජනතාවට පිළිගතහැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන අපේක්ෂකයා දෙමළ ජනතාවට වැදගත් දේශපාලන සාධකය විය යුතු බවයි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයකු වීමට ඉදිරිපත් වුවහොත් දෙමළ ජනතාව ඔහුට සහාය දැක්වීමට ඉඩ තිබේදැයි මාධ්‍ය කළ විමසුමට පිළිතුරු දෙමින් සම්බන්ධන් පැවසුවේ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා භාරදීමෙන් පසු ඔහු සමඟ කරන සාකච්ඡා මත එය රඳා පවතින බවයි.
1982 සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසය තුළ දෙමළ අපේක්ෂකයන් මැතිවරණයට ඉදිරිපත් වී ඇති නමුත් බොහෝ මැතිවරණවලදී ඔවුන් වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂයේ ඉදිරි අපේක්ෂකයාට විශාල ලෙස සහයෝගය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart