
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ දෙමළ ජනතාවට පවතින ගැටලුවට ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය බවත්, දීර්ඝ කාලයක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් දෙමළ ජාතික සන්ධානය(TNA) අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය කියා සිටින්නේ, දෙමළ ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සඳහා කටයුතු කිරීමට 1956 වසරේ සිටම දෙමළ දේශපාලන පක්ෂවලට ජනවරමක් ලැබී ඇති බවයි.
“අපගේ ස්ථාවරය වන්නේ බලය බෙදාගැනීම, දෙමළ ජනතාවගේ අභිලාෂයන්ට අනුකූල වන ෆෙඩරල් ව්‍යුහයක් තුළ පැවැතිය යුතු බවයි” යැයි එම සන්ධානය පවසයි.
13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවට ගෞරවනීය සහ අභිමානයෙන් යුතු ජීවිතයක් සහතික කරන ලෙසත් ඉන්දියාව ඉල්ලා ඇති බවද දෙමළ ජාතික සන්ධානය සිහිපත් කරයි.
දෙමළ ජාතික සන්ධානයට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු අතරම, අර්ථාන්විත බලතල බෙදා හැරීමක් ද සහතික කළ යුතුය. නැතහොත් එකක් නොමැතිව අනෙකක් අර්ථ විරහිත වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart