
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිස්තියානි ආගමික සුළුතරයට අයත් පාකිස්ථාන ජාතික ෆරාස් පර්වයිස් සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පවසා ඇත්තේ, අපහාසාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් මුස්ලිම් පූජකවරුන් ඔහුගේ මරණය ඉල්ලා සිටින බැවින්, ඔහුට ජිවිත තර්ජනයක් එල්ල වී ඇති බවයි.
පසුගිය සැප්තැම්බර් 8වැනිදා Tehreek-e-Labbaik Pakistan (TLP) නායක මොහොමඩ් ෂාහිඩ් විසින් නබිතුමාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ කළ බව පවසමින්, ෆරාස් පර්වාසි මරාදමන අයකුට පාකිස්ථාන රුපියල් මිලියන 10 ක ත්‍යාගයක් ලබාදෙන බව ප්‍රකාශ කළ වීඩියෝවක් නිකුත් කළේය.
වීඩියෝ පණිවුඩයේ සඳහන් කර ඇති පරිදි, ෆරාස් පර්වයිස් නඩු විභාගය(ඔහුට විරුද්ධව නඩුවක් විභාග වෙමින් පවතී) භාෂණයේ නිදහස සඳහා වූ අරගලයක් ලෙස ඉස්ලාම් අන්තවාදීන් නම් කර ඇත.
මොහොමඩ් වැඩිදුරටත් පවසා ඇත්තේ, “බියගුල්ලෙකු වන ෆරාස් පර්වයිස් බැංකොක්හි සැඟවී සිටින බවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඇදහිලිවන්තයන් විසින් ඉක්මනින් මරා දමනු ඇති” බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart