
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රිය අනතුරකින් අනතුරුව සිරිල් ගාමිණි පියතුමාව පොලීසියට රැගෙන ගිය අවස්ථාවේදී පියතුමාව බේරාදෙන්නැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ආයාචනයක් කළ බවට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් කරන ලද චෝදනාව කොළඹ අගරදගුරු පදවිය ප්‍රතික්ෂේප කරයි.
කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසන්නේ, ඇමැතිවරයාගේ චෝදනාවේ කිසිදු සත්‍යතාවක් නැති බවයි.
ඇමැති ටිරාන් අලස් එල්ල කළ එම චෝදනාවට අද (22) ජනමාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පිළිතුරු දෙමින් ජූඩ් ක්‍රිශාන්ත පියතුමෝ මේ බව පැවසූහ.
ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ සිරිල් ගාමිණි පියතුමා ආයාචනා කළ බව කියන සිද්ධිය සම්පූර්ණයෙන්ම බොරුවක් බවය.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart