
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුලු පිරිස 18 වැනි දින පස්වරුවේ බීජිං නගරයේ ප්‍රධාන මහජන ශාලාවේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික, ස්ථාවර කමිටු සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන අංශයේ ප්‍රධානී ෂී තැයිෆෙන් සහෝදරයා ඇතුළු ඉහළ පෙළේ නායකයන් පිරිසක් හමුවූහ.
එහිදී ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳව සිහිපත් කළ ෂී තැයිෆෙන්, පක්ෂයේ කාඩර්වරුන්ගේ දේශපාලන න්‍යායික දැනුම නිරන්තරයෙන් වර්ධනය කිරීමේ ඇති වැදගත්කම පෙන්වාදී ඇති අතර, චීනය අවශ්‍ය ඕනෑම මොහොතක තම අත්දැකීම් ජනතා විමුක්ති පෙරමුණ සමග බෙදාගැනීමට සූදානම් බවද පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වැඩසටහන අනුව අවශ්‍ය සාහය ලබාදීමට සූදානම් බවත්, ඒ සඳහා වූ එකඟතාවයන් කිහිපයක් මෙම වසරේ මුල් කාලයේ චීනයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ඇති කරගත් බවත් ඔහු සඳහන් කර තිබේ.
එහිදී ටිල්වින් සිල්වා සඳහන් කර ඇත්තේ, චීනය සහ ලංකාව අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය මෙම සංචාරයේදී තවදුරටත් වර්ධනය වූ බවය.
එමෙන්ම චීනයේ ජජියාන් ප්‍රාන්තයේ සහ ගුයිෂූ ප්‍රාන්තයේ ගම්මානවල සිදුකළ සංචාරයේදී එම ගම්මාන දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මනා අවබෝදයක් ඇති කර ගැනීමට හැකි වූ බවත්, ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට එම ලද අත්දැකීම් ඉවහල් වනු ඇති බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart