
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්අඟුරු මිලදී ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් මැයි දින රැලියකදී කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එම කොමිසම හමුවේ කණගාටුව පළකර තිබේ.
කොමිෂන් සභාව නිකුත් කළ දැනුම්දීමකට අනුව, ටිල්වින් සිල්වා සිය නීතිඥවරුන් සමඟ කොමිසම හමුවේ පෙනීසිටි අතර, එහිදී තමන් කළ ප්‍රකාශය පිළිබඳව කණගාටුව පළ කරමින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.
මෙම කොමිෂන් සභාව මඟින් ජාතික ජන බලවේග රජයේ සාමාජිකයන් වැරදිකරුවන් නොකර නිදහස් කරනු ඇති බවත්, විපක්ෂයේ පිරිස් වැරදිකරුවන් කරනු ඇති බවත් ටිල්වින් සිල්වා මැයි දින රැලියේදී ප්‍රකාශ කර තිබිණි.
මෙම ප්‍රකාශය කොමිසමේ කටයුතුවලට සිදුකළ අනිසි බලපෑමක් වන අතර එහි ස්වාධීනත්වයට තර්ජනයක් වන බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කොමිසම විසින් ඔහුව කැඳවීමට තීරණය කර තිබිණි.
ටිල්වින් සිල්වා කරුණු පැහැදිලි කරමින් සිය ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකිරීම සලකා බැලූ කොමිෂන් සභාව, ඔහුව අවවාද කර මුදාහැරීමට තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කටයුතු කරති.
කොමිෂන් සභාව වෙත පැමිණිලි බාරගැනීමේ අවසන් දිනය මැයි 22 වැනිදායින් අවසන් වූ අතර, ඒ වන විට පැමිණිලි 28ක් ලැබී ඇති බව කොමිසමේ ලේකම් පී.වී. බන්දුලසේන පැවසීය.
දැනට එම පැමිණිලි සලකා බලමින් පවතින අතර ඊට අදාළ ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවද ඔහු අනාවරණය කළේය.
කොමිෂන් සභාව ලබන මාසයේ මුල සිට මහජන අදහස් විමසීම් ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ගල්අඟුරු බලශක්ති උත්පාදනය ආරම්භ කළ දින සිට 2026 අප්‍රේල් 16 වැනිදා දක්වා කාලය තුළ, ලංකා ගල්අඟුරු සමාගම මඟින් ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය උත්පාදනය කිරීමේදී කිසියම් අක්‍රමිකතාවක් හෝ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුව තිබේද යන්න විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය අප්‍රේල් 17 වැනිදා මෙම කොමිසම පත්කරන ලදී.
නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා බාල මට්ටමේ ගල්අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම පැවැති ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ මෙම කොමිසම පත්කෙරිණි. කොමිසම පත්කිරීමෙන් අනතුරුව, එවකට බලශක්ති අමාත්‍යවරයාව සිටි කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් උදයංග හේමාපාල සිය ධුරවලින් ඉල්ලා අස්වූහ.
ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයකට ඉඩ සැලසීම සඳහා තමන් ධුරවලින් ඉල්ලා අස්වන බව ඔවුහු සිය ඉල්ලා අස්වීමේ ලිපි මඟින් ප්‍රකාශ කර තිබිණි.
(උපුටාගැනීම – The Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart