
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කන්කසන්තුරේ ප්‍රදේශයේදී පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ටික්ටොක් (TikTok) සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
54 හැවිරිදි පුද්ගලයෙකුට කඩු ඇතුළු තියුණු ආයුධවලින් පිරිසක් විසින් පහර දෙන වීඩියෝවක් TikTok සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ කන්කසන්තුරේ අපරාධ විමර්ශන කොට්ඨාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කර මෙම සැකකරුවන් 08 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක්වූ පුද්ගලයා බරපතල තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි වෛද්‍යවරු පවසති.
අදාළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝවෙන් අනතුරුව යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ සැඟවී සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සිටි නිවෙස්වල සඟවා තිබූ කඩු, පිහි, පොරෝ ඇතුළු තියුණු ආයුධ රැසක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කල්ලියක ක්‍රියාකාරී සාමාජිකයන් බවට සැක කෙරෙන අතර කන්කසන්තුරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart