
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලය තුළ ආරක්ෂිත මෙවලම් සක්‍රිය කිරීමට උත්සාහ කළ දහස් සංඛ්‍යාත පරිශීලකයින් යොදාගනිමින්, ක්‍රියාකාරී නොවන ‘ව්‍යාජ’ මෙවලම් ලබාදී රහසිගත අත්හදා බැලීමක් සිදුකර ඇති බවට හෙළි වී තිබේ. නිව්යෝර්ක් ප්‍රාන්තය විසින් ටික්ටොක් සමාගමට එරෙහිව ගොනුකර ඇති නඩුවකට අදාළව නිකුත් කරන ලද ලේඛන මඟින් මෙම බරපතල චෝදනාව අනාවරණය වී ඇත.
‘Ghost’ හෙවත් ‘Placebo’ ලෙස හඳුන්වනු ලබන මෙම අත්හදා බැලීම් සඳහා ටික්ටොක් ආයතනය විසින් නව යොවුන් වියේ පසුවන්නන් සහ කුඩා ළමුන් ඇතුළු පරිශීලකයින් දහස් ගණනක් තෝරාගෙන තිබේ.
එහිදී අහිතකර හෝ හානිකර වීඩියෝ දර්ශන නැරඹීමෙන් මිදීම සඳහා යොදාගන්නා ‘Algo Refresh’ වැනි ආරක්ෂිත මෙවලම් සක්‍රිය කළ පරිශීලකයින්, තමන් අදාළ මෙවලම සාර්ථකව සක්‍රිය කළ බව සිතුවද, ඔවුන්ට ලැබුණු වීඩියෝවල කිසිදු වෙනසක් සිදුවී නොමැත.
නිව්යෝර්ක් ප්‍රාන්ත නීතිපති ලෙටීෂියා ජේම්ස් විසින් ගොනු කරන ලද මෙම නඩුව, කුඩා ළමුන් ටික්ටොක් භාවිතයට ඇබ්බැහි කරවීම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පරිශීලකයින් නොමඟ යැවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ප්‍රාන්ත රැසක් විසින් ටික්ටොක් වෙත එරෙහිව පවරා ඇති නඩු 25කට වැඩි සංඛ්‍යාවෙන් එකකි.
තමන්ගේ වේදිකාවේ පරිශීලකයින්ගේ ආරක්ෂාවට මුල්තැන දෙන බවත්, එය කුඩා ළමුන්ට සහ යෞවනයින්ට සුදුසු බවත් ටික්ටොක් සමාගම ප්‍රකාශ කළද, හානිකර අන්තර්ගතයන්ගෙන් මිදීමට උත්සාහ කළ පරිශීලකයින්ට පවා ආරක්ෂිත මෙවලම් ලබාදීම සිතාමතාම වළක්වා ඇති බව මෙම නඩුව මඟින් වැඩිදුරටත් චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart