
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සත්ව සංරක්ෂණ උද්‍යානයක පැවැති ප්‍රසංගයක් අතරතුර එහි සිටි කොටියකු සිය පුහුණුකරුට පහරදී මරාදැමීමේ ඛේදජනක පුවතක් අමෙරිකාවෙන් වාර්තා විය.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා හි පිහිටි හියුගෝ හි ග්‍රෝලර් පයින්ස් ටයිගර් නමැති සත්ව සංරක්ෂණ උද්‍යානයකින් එම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූ බවයි.
එහිදී කොටියාගේ ප්‍රහාරයට ලක්ව තිබුණේ 37 හැවිරිදි රයන් ඊස්ලි නමැති පුද්ගලයෙකි.
කොටියාගේ ප්‍රහාරය හමුවේ ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබිණි.
කොටියා සිය පුහුණුකරුට පහරදෙන අවස්ථාවේදී ඔහුගේ බිරිඳ සහ දියණිය ද ඒ ආසන්නයේ රැඳී සිට ඇති බව වාර්තා වේ.
ඊස්ලි සහ කොටියා සත්ව සංරක්ෂණ උද්‍යානයට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් රංගනයක් ඉදිරිපත් කරමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇත.
මෙම පහරදීම සිදුකළ කොටියා කුඩා කාලයේ සිටම ඊස්ලි විසින් ඇති දැඩි කර ඇති අතර, කොටියා ඊස්ලි වෙත පැන බෙල්ල සහ උරහිස සපාකා ඇත්තේ ස්ථානයේ ඔහුගේ බිරිඳ සහ කුඩා දියණිය ඇතුළු ප්‍රේක්ෂකයින් රැසක් බලා සිටින අවස්ථාවේදීය.
අනතුර සිදුවීමෙන් අනතුරුව ඊස්ලිගේ බිරිඳ දිවගොස් කොටියාව වෙනත් කූඩුවකට ඉවත් කළ බව ද වාර්තා වේ.
මරණ පරීක්ෂණය සඳහා ඊස්ලිගේ දේහය ඔක්ලහෝමා හි ටුල්සා හි පිහිටි රාජ්‍ය වෛද්‍ය පරීක්ෂක කාර්යාලයට ගෙන ගොස් තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart