February 23, 2026

පුත්තලම තිල්අඩිය අල්කාසිම් ගම්මානය ආසන්නයෙ මාර්ගයක් ආසන්නයෙ තිබු ත්‍රි රෝද රථ රියදුරකුගේ සිරුරක් ඊයේ( 22) හමුවු බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස හමුව ඇත්තේ පුත්තලම තිල්අඩිය පදිංචි 72 හැවිරිදි පස් දරු පියකු වන අබ්දුල් ලතිෆ් නැමති අයකුගේ සිරුර බව පුත්තලම මූලස්ථාන පොලිසියෙ අපරාධ විමර්ශන අංශය කියයි.

අදාළ ත්‍රිරෝද රථ රියදුරු ඊයේ (21) රාත්‍රියේ නිවසේ රැදි සිටියදී, හයර් එක්ක යෑම සදහා බව පවසමින් කිසියම් අයකු පැමිණ ඔහුව කැදවාගෙන ගොස් ඇති බවත්, ඔහු උදෑසන වන විටත් නිවසට නොපැමිණිම නිසා පුත්තලම මූලස්ථානයට ඔහුගේ බැණා විසින් පැමිනිලි කර ඇති බවත් වාර්තා වේ.

පසුව අදාළ ත්‍රිරෝද රථ රියදුරාගේ නිවසට කිලෝ මිටර් 2 කට ආසන්න දුරකින් අඩපනාවිල්ලුව ගම්මානයට ගමන් කරන මාර්ගයෙ කානුවක ඔහුගේ සිරුර තිබියදී, ඒ ආසන්නයෙන් ගමන් කළ අයකු දැක ගම්වාසීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබු අතර, ඉන් පසු පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති බව කියයි.

එහිදි අනාවරණය වී ඇත්තේ මෙසේ ඝාතනය කර ඇත්තේ, ඒ ආසන්නයේ පදිංචිකරුකු බවයි.