
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුම්වැටි හා මත්පැන්වලින් රජය උපයන මුදල මෙන් තුන් ගුණයක් මත් ද්‍රව්‍යවලට ගොදුරු වූ පුද්ගලයන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් බව, රටේ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අනාවරණය වී ඇත.
ජනමාධ්‍ය මගින් දුම්වැටි හා මත්පැන් ප්‍රවර්ධනය කිරීම වැළැක්වීම සඳහා මෙම කාරක සභාවේ විශේෂ අවධානය යොමුව තිබේ.
මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අත්සනින් යුතු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කර ඇත.
දුම්වැටි හා මත්පැන් අලෙවියෙන් ආණ්ඩුවට ලැබෙන බදු ප්‍රමාණ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය හෙයින්, මෙම කාරක සභාව හමුවට අදාළ නිලධාරීන් කැඳවීමට තීරණය කර තිබේ.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති මහජන ආරක්ෂණ ඇමැති ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියද රැස්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart