
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට තමා සහභාගි වූ තුන්වන අවස්ථාව මෙය බව පැවැසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, අද ප්‍රකාශ කළේ එම සංචාරයට එක්වන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනකුටද ආරාධනා කළ බවයි.
ඔහු පාර්ලිමේන්තුවට පැවසුවේ සජබ මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ්, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන සහ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් යන අයට එම සංචාරයට පැමිණෙන ලෙස ආරාධනා කර තිබූ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ධර්මසේන සහ නෙල්සන් යන මන්ත්‍රීවරුන්ගේ සංචාරය වැලැක්වූ බවයි.
“ධර්මසේන මන්ත්‍රීවරයාටත් වීසා ලැබී තිබුණා. නමුත් විපක්ෂ නායකවරයා යන්න එපා කියලා ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනවා” යැයි අලුත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එම සංචාරයට සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුට සහ සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයකුට ද ආරාධනා කර තිබුණු බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
“හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යටතේ මම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට තුන් වතාවක් සහභාගි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපි මෙවැනි අන්තර්ජාතික අවස්ථාවලට සහභාගී විය යුතුයි. අපි අත්දැකීම් ලබා ගත්තා, බොහෝ දේ ඉගෙන ගත්තා. ලෝක බැංකු නියෝජිතයන් සහ සමන්තා පවර් සමඟ රැස්වීම්වලට අසුන් ගැනීමට අපට අවස්ථාව ලැබුණා” ඔහු පැවැසීය.
විපක්ෂ නායකවරයා පවසන ආකාරයට මෙම සංචාරය වෙනුවෙන් අතිරේක දීමනා කිසිවක් තමන්ට නොලැබුණු අතර, ලැබූණේ ගුවන් ටිකට්පත පමණක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart