
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩීසල් සඳහා භූමිතෙල් මිශ්ර කරමින් මගී ප්රවාහන සේවයේ යෙදුණු පෞද්ගලික බස් රථ අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් පසුගිය (20) වැනිදා පස්වරුවේ සිදුකර තිබේ.
නුවරඑළිය – බදුල්ල ප්රධාන මාර්ගයේ ධාවනය වූ මගී බස් රථ ඉලක්ක කරගනිමින් මෙම විශේෂ පරීක්ෂාව සිදුකර ඇත.
එහිදී නුවරඑළියේ සිට නානුඔය, බොරලන්ද සහ මාගස්තොට යන ප්රදේශ දක්වා ධාවනය වූ බස් රථ තුනක් සඳහා මෙලෙස ඩීසල්වලට භූමිතෙල් මිශ්ර කර භාවිත කර ඇති බවට තහවුරු වී තිබේ.
ඒ අනුව, අදාළ බස් රථවල ඉන්ධන ටැංකිවල තිබූ ඉන්ධන සාම්පල ලබාගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.
ලබාගත් එම ඉන්ධන සාම්පල පරීක්ෂාව සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාරය වෙත යොමුකිරීමට නියමිත අතර, අදාළ රසායනාගාර වාර්තාව ලැබුණු පසු අත්අඩංගුවට පත් බස් රථ රියදුරන් තිදෙනාට එරෙහිව අධිකරණය හමුවේ නීතිමය පියවර ගන්නා බව නුවරඑළිය පොලිසියේ රථවාහන අංශය සඳහන් කළේය.
මගී ජීවිත අවදානමේ හෙළමින් සහ පරිසර හානි සිදුකරමින් මෙලෙස නීති විරෝධී ලෙස ඉන්ධන මිශ්ර කර ධාවනය කරවන බස් රථ සෙවීම සඳහා වන මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරන බව රථවාහන පොලිස් නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart