
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල්පිටිය එත්තාලෙයි කලපුව ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්රෑම් 979 ක් රැගත් ඩිංගි යාත්රා තුනක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය එත්තාලෙයි කලපුව ප්රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්රා 03ක් පරීක්ෂාවට ලක් කළ බවයි.
එහිදි, එම ඩිංගි යාත්රාවන්හී තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සාහ කල, උර තිස් තුනක අසුරන ලද වියළි ඉඟුරු කිලෝ ග්රෑම් තොගය සහ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් අවුරුදු 25ත් 41ත් අතර වයස් කාණ්ඩවල පසුවන කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
එම සැකකරුවන්, ඔවුන් පැමිණි ඩිංගි යාත්රා තුන සහ වියළි ඉඟුරු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart