
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අධිවේගී මාර්ග බස් රථයක ව්‍යාජ ටිකට් නිකුත් කළ සිද්ධියකට අදාළව කොන්දොස්තරවරුන් දෙදෙනකු සහ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ.
කඩවත සහ ගාල්ල ඩිපෝවල සේවයන් 03දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මගීන් 50කට වැඩි පිරිසකට ව්‍යාජ ප්‍රවේශපත්‍ර ලබාදෙමින් මුදල් වංචා කළ බවට පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අනුව කඩවත පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (07) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකය මගින් සිදුකළ මෙහෙයුමකදී මෙම කරුණු අනාවරණ වී තිබේ.
මීට පෙරද මෙවැනි සිද්ධීන් වාර්තා වූ අතර ලංගම බලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart