
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා සතොස සමාගමේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (12) අත්අඩංගුවට ගන්නා ලදී.
අල්ලස් කොමිසමට අනුව,ලූනු කිලෝග්‍රෑම් 54,860ක් පෞද්ගලික පාර්ශවයකට කිලෝග්‍රෑමයක් රුපියල් 135 බැගින් විකිණීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
කැබිනට් අනුමැතියකින් තොරව සහ ලංකා සතොස රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකරන ලද මෙම ගනුදෙනුව, පෞද්ගලික ව්‍යාපාරිකයකුට ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් සිදුකරන ලදැයි කියනු ලබන අතර එමඟින් සතොස ආයතනයට රුපියල් 17,006,600ක පාඩුවක් සිදුව තිබේ.
ලංකා සතොස සමාගමේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) සහ ව්‍යාපාරිකයන් දෙදෙනා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලද්දේ අදාළ දුෂණ වරදට ආධාර කිරීම, සහාය දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මතයි.
පසුව සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත නිදහස් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart